Friday, June 28, 2013

හුස්මක් ලද ඇසිල්ල . . . බදා ඇය සොම්නසින් වයන්නෙමි සිත්පුරා


නොහැක මොහොතක් පමා - විදින්නට හද පුරා
තැබූපිය මදකටත්  - ඉදිරියට මිස විනා

පැටලුණු දහසක් බැදින් -  පැටවුණු මහත් පොදි
පිරින් කර ගෙවා දුර -  මෙතෙක් දුර පැමිණිලා

වයන්නට තත්සර - විදින්නට පද මිහිර
කල් මරන්නට රිසිසෙ - නොවේ මේ වෙලාවක්

වනන්නට තෙලිතුඩින් - ලද ඇසිල්ලක හුස්ම
ගොඩ වුනේ සොම්නසින් ------තෝතැන්න වෙත මිහිරි

වර්ජිතව පුරා රැය - ගෙවු කල නොනැවතී
සිරව හුන් දැහැනෙන් - මොහොතකට ඉගිලුණා

රසින් සුවදින් පිරුණු -  යහන මත සැතපිලා
බදා ඇය සොම්නසින් - වයන්නෙමි සිත්පුරා



4 comments:

  1. සිහිණයක් සැබෑ වූ වගයි.
    උණුසුම් සුභ පැතුම් සචිත්. :)

    ReplyDelete
  2. ලොකු විරාමයක් නොවුනත් ඇත්තටම ගෙවල් පැත්තේ ගිහිල්ලා පොඩි relax එක්ක ගත්ත එකනම් නියමයි.
    back to studies :(

    මම ඒ පැත්තෙත් එන්නම් ඉක්මනට ඔයාගෙ රස කථා කියවන්න :)

    ReplyDelete
  3. එල කොල්ලෙක්නෙ. අපිත් වෙලාවක එන්නම් හොද සින්දුවක් අහල යන්න. හැබැයි ඒක සචිත් On Live....Ok ;)

    ReplyDelete
    Replies
    1. අප්පේ දැක්ක කල්... හරියට ලග ඉදන් කතාකරනවා වගේ. උබේ ටෝන් එකත් මට මතක් වුනා.
      දිරිමත් කරල දාපු කමෙන්ටුවට බොහොම ස්තුතියි.

      Delete