නොහැක මොහොතක්
පමා - විදින්නට හද පුරා
තැබූපිය
මදකටත් - ඉදිරියට මිස විනා
පැටලුණු දහසක්
බැදින් - පැටවුණු මහත් පොදි
පිරින් කර
ගෙවා දුර - මෙතෙක් දුර පැමිණිලා
වයන්නට තත්සර - විදින්නට පද මිහිර
කල් මරන්නට
රිසිසෙ - නොවේ මේ වෙලාවක්
වනන්නට
තෙලිතුඩින් - ලද ඇසිල්ලක හුස්ම
ගොඩ වුනේ සොම්නසින්
------තෝතැන්න වෙත මිහිරි
වර්ජිතව පුරා
රැය - ගෙවු කල නොනැවතී
සිරව හුන්
දැහැනෙන් - මොහොතකට ඉගිලුණා
රසින් සුවදින්
පිරුණු - යහන මත සැතපිලා
බදා ඇය
සොම්නසින් - වයන්නෙමි සිත්පුරා

සිහිණයක් සැබෑ වූ වගයි.
ReplyDeleteඋණුසුම් සුභ පැතුම් සචිත්. :)
ලොකු විරාමයක් නොවුනත් ඇත්තටම ගෙවල් පැත්තේ ගිහිල්ලා පොඩි relax එක්ක ගත්ත එකනම් නියමයි.
ReplyDeleteback to studies :(
මම ඒ පැත්තෙත් එන්නම් ඉක්මනට ඔයාගෙ රස කථා කියවන්න :)
එල කොල්ලෙක්නෙ. අපිත් වෙලාවක එන්නම් හොද සින්දුවක් අහල යන්න. හැබැයි ඒක සචිත් On Live....Ok ;)
ReplyDeleteඅප්පේ දැක්ක කල්... හරියට ලග ඉදන් කතාකරනවා වගේ. උබේ ටෝන් එකත් මට මතක් වුනා.
Deleteදිරිමත් කරල දාපු කමෙන්ටුවට බොහොම ස්තුතියි.