Friday, July 12, 2013

ජීවිත අන්දරය . . .



ඉටු නොවුණු බලාපොරොත්තු

සුන් වී ගිය සිතුවිලි

පලායන තාරුණ්‍යය හමුවේ උදානොවු වසන්තයට අත වනන  ජිවිත

හදවතේ සිරවුණු සිතුවිලි

මල්වර නොවු පැතුමන් . . .


නොමිනිසුන් වු මිනිසුන්

සුළගට ගසායන පරඩල් වන් දහසක් මිනිසුන් අතර

නොසෙල්වන රූස්ස ගසක් බදු අල්පතර චරිත

පොළොවේ පය නොගැටුණු ජීවිත

කැඩපතක් ඉදිරියේ තම නිරුවත නොදුටු පඔයන්

මුදල තම ජීවන මිනුම් දණ්ඩ කරගත් ජීවිත . . .


නෙත නොගැටුණු පීඩිත ජීවිත

දිළදු කමින් බැටකන මිනිස්සු

වැළි කුණාටුවෙන් වැලළීගිය ජන ජීවිත

නුගත් කම

කර්මය කරුමයක් කරගත් අපේම මිනිස්සු . . .


ඇස් දල්වා සිටී

වසින තුරු නිකිණි වැසි . . .



නිකිණි වැස්ස චිත්‍රපටයෙන් නැගුණු පරිකල්පනාවකි.

2 comments:

  1. ඔය තියෙන්නේ කවි සංකල්පනා. මොකක හරි නිමිත්තක් විතරයි ඕනේ.

    මොකෝ බොල ලියන්නේ නැත්තේ?

    ඒක නෙවෙයි සචිත්, මේකෙ පෝස්ට් ඩිලීට් කලාද? නැතිනම් කමෙන්ට්ස් ඩිලීට් කලාද? මට මතක මම මේකට මීට වඩා කමෙන්ට් දැම්මා වගේ. දැන් හැම පෝස්ට් එකකම යට No Comments කියලා තීයෙන්නේ?

    ReplyDelete
  2. ලියන්න තියා කියවන්න වත් වෙලාවක් නැතුව හිටියේ... මේක බලන්නත් රිගල් එකට රිංග ගත්තෙ අමාරුවෙන්

    නිමිත්තත් කැමැත්තත් තිබුනට මොකද වෙලාවක් නැතුව

    ReplyDelete