Wednesday, June 19, 2013

ඔබ ගුණ ගී ගයනෙමි මා ...

පුරාවට දසමසක්
හොවාලා මා කුසෙහි
ලෝකයට බිහිකලා
නොවිදි දුක් ගැහැට විද
සෙනෙහසින් ලේ කිරට හරවා
පොවා මා කුස ගිනි නිවූ
ඔබ දෙවගනකි අම්මේ ...

අයනු ආයනු කියා
මා දැනුමින් නහවා
නෙතේ නොපෙනෙන විශ්වයේ
ජයමාවතට මගපෙන්වූ
ඔබයි ඒ මගේ පියාණනි ...

අදුරට ආලෝකයක් වෙමින්
මරු කතරට අමා පැන් වැස්සක් වෙමින්
මාගේ දිවියේ පෙරගමන් කරුවන්
ඔබ දෙපළයි
අම්මේ ... තාත්තේ ...

මේ අනන්ත විශ්වයේ
මදකුදු සැපක් වෙතොත්
ඒ වනාහී ඔබ තුරුලේ ලද සැපයි
එහෙව් ගුණ ගංගාවේ
මට ලැබෙන මේ සිසිල
නගන්නට පද වැලකට
නොවෙමි සමතෙක් මෙමා ...

මෙම නිසදස් කාව්‍යය පාසලේ 10 වසරේ මවිසින් ලියන ලද්දකි.

3 comments:

  1. මේ අව්‍යාජ සිතුවිල්ලක් බව මම හොඳාකාරව දන්නවා.

    ජයවේවා. :)

    ReplyDelete
    Replies
    1. එක නම් 100% ඇත්ත.

      මේ නිසදසහි ඔයා කියලා තියෙන හැම දෙයක්ම ඔයා ගේ අවංක හැගිම් බව අපි හොදටම දන්නවා, පුතා. (Y)

      Delete
  2. මගේ සිතුවිලි වලට වටිනාකමක් ලබාදුන් ඔබ දෙපලට බෙහෙවින් ස්තුතියි

    ReplyDelete