ඉටු නොවුණු
බලාපොරොත්තු
සුන් වී ගිය
සිතුවිලි
පලායන තාරුණ්‍යය
හමුවේ උදානොවු වසන්තයට අත වනන ජිවිත
හදවතේ සිරවුණු
සිතුවිලි
මල්වර නොවු
පැතුමන් . . .
නොමිනිසුන් වු
මිනිසුන්
සුළගට ගසායන
පරඩල් වන් දහසක් මිනිසුන් අතර
නොසෙල්වන
රූස්ස ගසක් බදු අල්පතර චරිත
පොළොවේ පය
නොගැටුණු ජීවිත
කැඩපතක්
ඉදිරියේ තම නිරුවත නොදුටු පඔයන්
මුදල තම ජීවන
මිනුම් දණ්ඩ කරගත් ජීවිත . . .
නෙත නොගැටුණු
පීඩිත ජීවිත
දිළදු කමින්
බැටකන මිනිස්සු
වැළි
කුණාටුවෙන් වැලළීගිය ජන ජීවිත
නුගත් කම
කර්මය කරුමයක්
කරගත් අපේම මිනිස්සු . . .
ඇස් දල්වා
සිටී
වසින තුරු
නිකිණි වැසි . . .


